May 02, 2024

බොරු පොටෝ ගැන රෝහලේ සිටම අජිත් රෝහණ කතා කරයි (VIDEO)

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ සිටින බවට පවසමින් ඊයේ (25) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණා.

පසුව මෙම ඡායාරූපය අජිත් රෝහණ මහතාගේ නොවන බවත්, එය ටික්ටොක් සමාජ මාධ්‍යයෙන් උපුටා ගත් එකක් බවටත් තහවුරු වී තිබුණා.

මෙලෙස පළවූ අසත්‍ය පුවත සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා නිරෝධායනයට ලක්වෙමින් සිටියදීම සිය අදහස් පළ කර සිටියා.

අජිත් රෝහණ මහතා පවසා සිටියේ තමන් දින 06ක පමණ කාලයක් රෝහල් ගතව සිටි බවත්, 24 වැනිදා පමණ විට තමන්ගේ තත්ත්වය සුව අතට හැරුණු බවයි.  තමන් දැඩි සත්කාර ඒකකයේ සිටි බවට පළ වූ පුවත් අසත්‍ය බවද ඒ මහතා සඳහන් කළා.

“මමත් ඒ ඡායාරූපය දැක්කා. ඒ ගැන ඉතින් කණගාටුවක් තමයි තියෙන්නේ සමාජ මාධ්‍ය ජාලා හැසිරෙන විදිහ. මම කියන්නේ මට නම් නෙමෙයි මට ඒවා විඳ දරාගන්න පුළුවන්, නමුත් සමාජයේ මේ වගේ තලයන්වල ඉන්න සමහර රෝගීන් පිළිබඳව ඒ වගේ ප්‍රවෘත්තී ප්‍රචාර පළ කිරීමෙන් වළකින්න පාඨකයෝ දැනගන්න ඕන. ඒක තමා මට කියන්න තියෙන්නේ..” යැයිද අසත්‍ය ඡායාරූපය ගැන අදහස් පළ කරමින් අජිත් රෝහණ මහතා පවසා සිටියා.

කොරෝනා රෝගයේ ඇති බරපතළ බව දැනෙන්නේ එම රෝගය වැළැඳුණු පසුව බවත්, මෙලෙස දැඩි වේදනාවක් සහිතව සිටින අවස්ථාවක සමාජ මාධ්‍ය තුළ මෙවන් ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට තවත් අසහනයට පත් වන බවද අජිත් රෝහණ මහතා පවසා සිටියා.

අජිත් රෝහණ මහතා පළ කළ සම්පුර්ණ අදහස පහත වීඩියෝවෙන්,

සබැඳි පුවත > සමාජ මාධ්‍ය තුළ සැරිසරන අජිත් රෝහණ යැයි කියන ඡායාරූපයේ ඇත්ත නැත්ත

Rate this item
(0 votes)