May 01, 2024

අජිත් රෝහණ ගැනත් කණගාටුදායක පුවතක්!

මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන ලද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පිළිබඳව කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

අජිත් රෝහණ මහතාටද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන අතර ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවටයි වාර්තා වන්නේ.

මෙරට ජනතාව අතර කීර්තියක් හිමි කරගෙන සිටින පොලිස් නිලධාරියෙකු ලෙසද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව නම් කළ හැකියි.

ඔහු නව තනතුරක රාජකාරී භාර ගැනීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළ අතර පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා සහාකාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත් කර තිබෙනවා.

අජිත් රෝහණ මහතාට ඉක්මණ් සුවය පතා ෆේස්බුක් සටහන් විශාල ප්‍රමාණයක් ද මේ වන විට සමාජය මාධ්‍ය තුළ සංසරණය වෙන ආකාරයද දැකගත හැකියි.

Rate this item
(8 votes)