May 02, 2024

අජිත් රෝහණ හුදු ජනප්‍රියත්වයටයි මේ වැඩේ කරන්නේ - නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අධිකරණයට කියයි

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ ඇති වූ සිද්ධියේ පරීක්ෂණ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර හුදු ජනප්‍රියත්වය උදෙසා පොලීසියේ ඉහළ නිලධාරීන් ඇතුළු ඇතැම් පොලිස් විමර්ශකයන් මාධ්‍යයට ලබාදෙන බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඒ බව හෙළිදරව් කළේ විනිසුරු ඉදිරියේදී.

පිරිස අතර සිටින අය

හුදු ජනප්‍රියත්වය උදෙසා එසේ තොරතුරු ලබා දෙන පිරිස අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාද සිටින බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

එසේ ලබා දුන් කරුණු අතර සිද්ධියට සම්බන්ධ සංවේදී කරුණුද තිබෙන බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අවධාරණය කරන්නේ.

විමර්ශනයට බාධා

ඉන් විමර්ශනයට බාධා එල්ල වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මතය.

මාධ්‍යයට ගවේෂණාත්මක වාර්තාකරණය සිදු කිරීමට මූලික අයිතියක් තිබුණද හුදු ජනප්‍රියත්වය උදෙසා පොලිසියේ ඇතැම් නිලධාරීන් කරන මේ ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් පරීක්ෂණයක් කළ යුතු බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විනිසුරු ඉදිරියේ ප්‍රකාශ කරා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම කරුණු හෙළිදරව් කළේ රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස මියගිය ඉශාලිනි ජූඩ් කුමාර් වයස්කාර දැරියගේ මරණය සම්බන්දයෙන් වූ නඩුව කැඳවූ අවස්ථාවේදී.

මීළඟ පොලිස්පති තරගය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ තවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙක් මීළඟ පොලිස්පති වරයා වීම සඳහා සීතල යුද්ධයක සිටින බව ප්‍රකට කරුණක්.

මේ නිසාම දෙදෙනාම ජනප්‍රියත්වය උදෙසා ඇතැම් දෑ කරන බව දක්නට තිබෙන්නක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 August 2021 23:10