May 01, 2024

කොවිඩ් සුව වී නිවසට ආ අජිත් රෝහණ ජනතාවට කියපු දේ

කොවිඩ් ආසාධිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නිතීඥ අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව අද (27) දහවල් රෝහලෙන් පිටත්ව නිවසට ගොස් ඇතැයි වාර්තා වනවා.

මේ වන විට තමන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක පසුවන බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

කොව්ඩ් ආසාධිත බව තහවරු වූ පළමු අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස අජිත් රෝහණ මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තමන්ගේ දුක සැප සොයා බැලූ සැමට සිය ස්තූතිය පුද කරන බවද අජිත් රෝහණ මහතා කියා පවසනවා. එමෙන්ම තමා අසාධය තත්වයෙන් සිටින බවට අසත්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන්ට තම අනුකම්පා දක්වන බවද ඔහු පැවසුවා.

තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් හෙතෙම කියා සිටියා.

තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අනතුරු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 27 August 2021 13:15