May 20, 2024

දුමින්දගේ ක්‍රමයට නිදහස ඉල්ලූ එල්ලුම් ගස්ලාභීන්ටත් චාන්ස් එකක්!

දුමින්ද සිල්වා මහතා නිදහස් කළ ආකාරයට තමන්වත් නිදහස් කරන ලෙස ඉල්ලා ආහාර වර්ජනය කරමින් විරෝධතාවක නියැලුණු මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන් එම විරෝධතාවය හැර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමග කළ සාකච්ඡාවකින් පසු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ.

ඇතිවූ එකඟතාවය ගැන විස්තර නැහැ

එහිදී ආහාර වර්ජනය හා විරෝධතාවය අවසන් කිරීම සඳහා දෙපාර්ශවය අතර ඇතිවූ එකගතාවය පිළිබඳව කිසිවක් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කොට නැහැ.

ඉකුත් මස 24 වැනි දා සිට බන්ධනාගාරයේ වහල මත නැගුණු මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක යෙදෙමින් සිය විරෝධතාවය දැක්වූයේ තමන්ටත් දුමින්ද සිල්වා මහතාට මෙන් ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින්.

දුමින්දටත් වඩා කාලයක් සිරබත් කෑවා

මරණීය දණ්ඩනයට නියමව වසර ගණනාවක් සිර ගතව සිටින තමන්ව , තමන් මෙන්ම මරණ දණ්ඩනයට නියමව සිටි දුමින්ද සිල්වා මහතා වසර කිහිපයකින් නිදහස් කළ ආකාරයට නිදහස් කරන ලෙසයි මරණීය දණ්ඩනයට නියම වූ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දුමින්ද සිල්වා මහතාට ඉකුත් පොසොන් පෝයදා ජනපති සමාව යටතේ නිදහස් හිමිවුණා.

Rate this item
(0 votes)

Related items