20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ විවාදයේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඇමරිකානු කොඩිය පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කරන ලදී.
ඒ හැරුණු කොට ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේදී ලබා දෙන ප්‍රතිඥාව ද නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
ඒ අතරතුර ඊට විරෝධය දැක්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතා නලින් බණ්ඩාර මහතා ඇමරිකානු කොඩිය ප්‍රදර්ශනය කරමින් ඇමරිකානු පුරවැසි ප්‍රතිඥාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවද පෙන්වා දුනි.