May 03, 2024

ජනප්‍රිය කාන්තාවන් සහ ස්ව්‍යංවින්දනය ගැන වීරසේකරගෙන් අමුතු කතාවක්

ජනප්‍රිය කාන්තාවන්ගේ නම් පුන පුනා කියමින් යම් ස්ව්‍යංවින්දනයක් ලබන පුද්ගලයින් පිරිසක් සමාජයේ සිටින බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (06) පාර්ලිමේන්තුව අමතමින්.

එවැනි වින්දනයක් ලැබීම රෝගයක් බවත්, එවැන්නන් මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත යුතු බවත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

එවැනි පුද්ගලයින් තමන් හා සම්බන්ධ කර පවසන නම ඇති කාන්තාවට තමන් කිසි දිනෙක ඇඳුම් රැගෙන ගොස් නොදුන් බව යි ඔහු අවධාරණය කරන්නේ.

එම කාන්තාව හට තමා ඇඳුම් රැගෙන ගොස් දුන් බවට ඔප්පු කළ හැකි නම් තමන් හෙට දිනයේම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඔහු නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ තමන් අදාළ කාන්තාව හට ඇඳුම් ලබා දුන් බවට ඔප්පු කර ගත නොහැකි වුවහොත් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කාන්තා බඩු මල්ලක් හිසෙහි තබාගෙන විනාඩි 05ක් පාර්ලිමේන්තු ප්‍රවිශ්ඨයේ සිටිය යුතු බවට යි.

ගුරුවරුන් පිරිසක් අත්අඩංගුවට පත් වූ පසුගිය දා, ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බලන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බව දසරත් වීරසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ඕනෑම අයෙකු, ඔවුනට අවශ්‍ය බඩුබාහිරාදිය ගේට්ටුව අසලට ගෙනැවිත් දීමෙන් අත්අඩංගුවට පත්ව සිටි ගුරුවරුන් වෙත යැවීමේ ක්‍රමවේදයක් තිබූ බව යි ඔහු පෙන්වා දෙන්නේ.

එවැනි පසුබිමක නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා බඩු මල්ලක් රැගෙන යාමට තැත් කරමින් සිදු කළේ මාධ්‍ය ඉදිරියේ රඟපෑමක් බව වීරසේකර මහතා පවසා සිටියා.

ඔහු මෙලෙස ප්‍රකාශ කළේ ඊයේ (05) නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කොළඹ වරාය පොලීසිය අසළ දී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊයේ (05) කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත පැමිණ සිටියේ අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානය තුළ රඳවා සිටි ගුරුවරුන් සහ ගුරුවරියන් පිරිස හමුවීම සඳහායි.

කෙසේ වෙතත් පොලීසිය විසින් එම අවස්ථාව ඔහු ඇතුළු පිරිසට ලබා නොදීමත් සමග දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

සජිත් ප්‍රේමදාස මහතා සමග පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තම අතෙහි තිබූ බෑගයක් පෙන්වා කියා සිටියේ තමන් පැමිණියේ එම බෑගයේ ඇති ඇඳුම්, සිරගත කර සිටින ගුරුවරුන් හට ලබා දීමට බව යි.

ගුරුවරු 48 දෙනෙකු එහි සිටින බවත්, ඉන් බහුතරය කාන්තාවන් බවත්, එපමණක් නොව කිරිදෙන මව්වරුන් පවා මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා.

“මම අහනවා සරත් වීරසේකර මහත්තයාගෙන්, එතුමාගෙ නෝනාට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුලුවන්ද? මම අහනවා පොලිස්පතිතුමාගෙන්, එතුමාගෙ නෝනාට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුලුවන්ද? මම අහනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ඇතුළු පොලීසියේ නිලධාරීන්ගේ නෝනලාට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුලුවන්ද?”

එමෙන්ම මීට කලකට ඉහත දී නිරෝදායනය සඳහා රැගෙන යමින් සිටි ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී මහත්මිය ඇතුළු පිරිස වෙත ඇඳුම් ලබා දීමේ සිදුවීම පිළිබඳව ද නලීන් බණ්ඩාර මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“අපි දන්නවා සරත් වීරසේකර මහත්තයලාට හංසමාලිලාට ඇඳුම් යවන්න පුළුවන්. හැබැයි අපි ගුරුවරුන්ට, ගුරු නෝනාමහත්වරුන්ට, ගුරු මව්වරුන්ට පියවරුන්ට ඇඳුම් අරන් එනකොට අපිට යන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා අපි පැහැදිළිවම කියනවා, ඒ කරන්නේ ආණ්ඩුවේ උවමනාවක්”

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 21:35

Related items