May 02, 2024

වීරසේකරගේ සහ දේශබන්දුගේ නෝනලා ගැන ප්‍රශ්ණයක්

සජිත් - පොලිස් ගැටුම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් අද (05) කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත පැමිණියා.

ඒ, අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානය තුළ රඳවා සිටි ගුරුවරුන් සහ ගුරුවරියන් පිරිස හමුවීම සඳහායි.

කෙසේ වෙතත් පොලීසිය විසින් එම අවස්ථාව ඔහු ඇතුළු පිරිසට ලබා නොදීමත් සමග දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

නලීන්ගෙ මල්ල

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සමග පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තම අතෙහි තිබූ බෑගයක් පෙන්වා කියා සිටියේ තමන් පැමිණියේ එම බෑගයේ ඇති ඇඳුම්, සිරගත කර සිටින ගුරුවරුන් හට ලබා දීමට බව යි.

ගුරුවරු 48 දෙනෙකු එහි සිටින බවත්, ඉන් බහුතරය කාන්තාවන් බවත්, එපමණක් නොව කිරිදෙන මව්වරුන් පවා මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

නෝනලාගේ ඇඳුම් ගැන ප්‍රශ්ණයක්

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා.

“මම අහනවා සරත් වීරසේකර මහත්තයාගෙන්, එතුමාගෙ නෝනාට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුලුවන්ද? මම අහනවා පොලිස්පතිතුමාගෙන්, එතුමාගෙ නෝනාට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුලුවන්ද? මම අහනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ඇතුළු පොලීසියේ නිලධාරීන්ගේ නෝනලාට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුලුවන්ද?”

පියුමිත් සිහිවෙයි

එමෙන්ම මීට කලකට ඉහත දී නිරෝදායනය සඳහා රැගෙන යමින් සිටි ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී මහත්මිය ඇතුළු පිරිස වෙත ඇඳුම් ලබා දීමේ සිදුවීම පිළිබඳව ද නලීන් බණ්ඩාර මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“අපි දන්නවා සරත් වීරසේකර මහත්තයලාට හංසමාලිලාට ඇඳුම් යවන්න පුළුවන්. හැබැයි අපි ගුරුවරුන්ට, ගුරු නෝනාමහත්වරුන්ට, ගුරු මව්වරුන්ට පියවරුන්ට ඇඳුම් අරන් එනකොට අපිට යන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා අපි පැහැදිළිවම කියනවා, ඒ කරන්නේ ආණ්ඩුවේ උවමනාවක්”

නලීන් බණ්ඩාර මහතා තවදුරටත් චෝදනා කළේ පොලීසි 06කින් අත්අඩංගුවට ගත් ගුරුවරුන් පිරිස වරාය පොලීසිය තුළ රඳවා ඇත්තේ නීතීඥවරු සහ වෘත්තීය සමිති නායකයින් ඔවුන් හමුවීම වැළැක්වීමට බව යි. 

“අපි සරත් වීරසේකර මහත්තයාගෙන් අහනවා රෙදි ඇඳගෙන ද ඉන්නෙ කියලා. පොලිස්පතිතුමා ඇතුළු පොලීසියේ මේකට සම්බන්ධ නිලධාරීන්ගෙන් අහනවා රෙදි ඇඳගෙන ද ඉන්නේ කියලා”

Rate this item
(2 votes)
Last modified on Thursday, 05 August 2021 19:59

Related items