May 03, 2024

පාර්ලිමේන්තු පොකුර වැඩි වෙයි - තවත් මන්ත්‍රී කෙනෙකුට කොරෝනා

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර හට යි.

එමෙන්ම ඔහුගේ බිරිඳට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳට ද කොවිඩ් 19 ආසාදනය වූ බව පසුදිය දා තහවුරු වූවා.

මේ පිළිබඳව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තිබුණේ මෙසේ යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 15:19