May 03, 2024

හාල් මාෆියාව කරන්නේ ආණ්ඩුවේ ගජ මිතුරෝ - එක් අයෙක් රාජ්‍ය ඇමැතිවරයෙක් - නලීන් බණ්ඩාර

ආණ්ඩුවේ ගජ මිතුරන් හාල් මාෆියාව කරගෙන යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

නාඩු සහල් කිලෝවක් රුපියල් 135ක් 140ක් වන බවත් කිරි සම්බා කිලෝවක් රුපියල් 215ක් 220ක් වන බවත් පෙන්වා දෙනවා.

සහල් මිල  60%කට වැඩි ප්‍රමානයකින් වැඩි වී ඇති බවද සඳහන් කරනවා.

හාල් මාෆියාව නැති කිරීමට මෙම ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ගිය කන්නයේ අපේ රටේ හොඳ අස්වැන්නක් පැවති බවද පවසනවා.

පොළොන්නරුවේ හාල් මාෆියාවට විරුද්ධව ආණ්ඩුවට සටන් කිරීමට හැකියාවක් නැත්තේ ප්‍රධාන හාල් නිෂ්පාදකයන් ආණ්ඩුව සමඟින් සිටින නිසා බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රධාන හාල් නිෂ්පාදකයන්ගෙන් එක් අයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් බවත් අනෙක් පුද්ගලයා ගජ මිතුරෙක් බවත් සඳහන් කරනවා.

මෙම හතර පස් දෙනා හාල් මාෆියාව ක්‍රියාත්මක කරන බවත් ඒ නිසා හාල් මිල අඩු කර ගැනීමට නොහැකි වී ඇති බවද පෙන්වා දෙනවා.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ හිරු නාලිකාවේ බලය වැඩසටහනට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 June 2021 12:14