May 04, 2024

දිනේෂ් චන්දිමාල්ට වි‍දෙස් රටකින් ආරාධනාවක්

මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි නේපාලයේ දේශීය T20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් හට ආරාධනා කර තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් මෙවර තරඟාවලියට එකතු වන අත්දැකීම් බහුලම විදෙස් ක්‍රීඩකයා වනු ඇති අතර චන්දිමාල් ක්‍රීඩා කරන්නේ බහිරව ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟයි. 

තරඟාවලිය සැප්තැම්බර් මස 25 වැනිදා සිට ඔක්තොම්බර් 09 වැනිදා දක්වා නේපාලයේ කිර්තිපූර්හි ත්‍රිබුවන් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් චන්දිමාල් පවසා තිබුණේ තමන් සුන්දර නේපාලයේ ක්‍රිකට් සංචාරයක් ලැබීම ගැන සතුටට පත්වෙන බවයි. බහිරව ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ එක්ව එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හොඳ තරඟයක් ලබාදීමට අපේක්ෂා කරන බවත් පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 August 2021 16:32