May 03, 2024

චන්දිමාල්ගේ ලිපියට ක්‍රිකට් ආයතනය පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කළ පුවත අප ඊ්යේ (14) වාර්තා කළා.

එම ලිපියට පිළිතුරු ලිපියක් යොමු කිරීමට අද (15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම් දී ඇත්තේ බලධාරීන් හමුවීම සදහා අවස්ථාව ලබා දීමට සූදානම් බව යි.

ඒ සඳහා ඉදිරියේ දී දිනයක් හා වේලාවක් ලබාදීමට කටයුතු කරන බවයි අදාළ ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ.

දිනේෂ් චන්දිමාල් ලිපියකින් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස යි.

තම ක්‍රිකට් දිවියේ අනාගතය පිළිබඳව තීරණයක් ගැනීම වෙනුවෙන් එම සාකච්ඡාව ලබා දෙන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

චන්දිමාල් යොමු කළ ලිපිය මෙතනින්

Rate this item
(3 votes)
Last modified on Thursday, 15 July 2021 19:12