May 04, 2024

තවත් ජ්‍යේෂ්ඨයෙක් අහිමි වෙයි? දිනේෂ් චන්දිමාල්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්!

ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් ද සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතය පිළිබඳව තීරණයක් ගැනීමට සුදානමින් සිටිනවා.

චන්දිමාල් විසින් ලිපියක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත දන්වා ඇත්තේ තමන්ගේ  ක්‍රිකට් අනාගතය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා කිරීමට කැමති බවයි. 

මෙය තමන්ගේ වෘත්තීය බවත් එබැවින් මේ අවස්ථාවේ දී තමන්ගේ අනාගතය සඳහා නිවැරදි හා වඩාත්ම උචිතම තීරණ ගැනීම තමන්ට ඉතා වැදගත් බවත් චන්දිමාල් විසින් සිය ලිපිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා.

මෙම ලිපිය සඳහා චන්දිමාල් විසින් තමන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇති හැකියාව පිළිබඳවත් එහිදී දැනුම් දී තිබෙනවා.

එහිදී චන්දිමාල් විසින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා පිළිබඳවද ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති අතර තමන්ගෙන් කණ්ඩායමට ගත හැකි ප්‍රයෝජනය පිළිබඳව නොපෙනෙන්නේ මන්ද යනුවෙනුත් ඔහු විසින් විමසා තිබුණා.

පසුගිය සමය පුරාවට පැවැති කිසිදු සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ව කණ්ඩායමට ඇතුළත් නොකරගත් අතර ප්‍රේක්ෂකයන් විසින්ද මේ පිළිබඳව දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසීම් කර තිබුණා.

චන්දිමාල් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර තිබූ ලිපිය ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද විසින් පළ කර තිබුණේ මෙලෙසයි,

No photo description available.

May be an image of text

No photo description available.

Rate this item
(1 Vote)