May 03, 2024

චන්දිමාල්ගෙන් ශතකයක්

February 20, 2019

සිය රිද්මය යළි සකස් කර ගැනිම වෙනුවෙන් දේශීය සීමිත පන්දුවාර තරග බිමට යොමුකළ දිනේෂ් චන්දිමාල් දේශීය විස්සයි20 තරගාවලිය යටතේ  එන්.සී.සී. කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඊයේ (19) සමත්ව තිබේ.

එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්විය. පන්දු 62කදී චන්දිමාල් හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා කළේය. ‌‌මෙවර තරගාවලියේදී මේ දක්වා වාර්තා වූ දෙවැනි ශතකය මෙය වෙයි.

එන්.සී.සී. පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම කඩුලු පහට ලකුණු 196ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 149/9ක් පමණි.

චන්දිමාල් මේ දක්වා එම තරගාවලියේදී තරග 4කට ක්‍රීඩා කර තිබේ. එහිදී ඔහු 1,41,18,101 ලෙස ලකුණු රැස්කර ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ඔහු ලකුණු 161ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතර පස්වැනි ස්ථානයේ පසුවෙයි.

තරග හතරකදී එක් ශතකයක්, ඒක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 234ක් රැස්කරගෙන ඇති සදීර සමරවික්‍රම වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවෙයි. ඔහුට අමතරව ෂෙහාන් ජයසූරියද තරග 4කදී ලකුණු 209ක් රැස්කරගෙන තිබේ.

Rate this item
(0 votes)