May 04, 2024

දිනේෂ් චන්දිමාල් ගැන ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ප්‍රකාශයක්

දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිය අදහස් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔහු කියා සිටියේ දිනේෂ් චන්දිමාල් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දොර වසා නොමැති බවයි.

ඉදිරි කාලයේ පැවැත්වීමට සුදානම් කර ඇති අන්තර් පළාත් තරඟාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ව ඇතුළත් කර ඇති බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියා. 

එහිදී දිනේෂ් චන්දිමාල් හට සිය හැකියාවන් පෙන්වීමට හැකි නම් නැවතත් ජාතික කණ්ඩායමට ඔහුට පිවිසිය හැකි බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඊයේ (20) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක්ද පවත්වා තිබුණා.

Rate this item
(6 votes)
Last modified on Wednesday, 21 July 2021 02:50