මීට ටික දිනකට පෙර අග්‍රාමාත්‍යවරයා පොදු ජන පෙරමුණ පමණක් නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයට කැඳෙව්වා.
එම සාකච්ඡාවට පොදුජන පෙරමුණ සන්ධානය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුට ආරාධනා කළේ නැහැ.
අවධානය මන්ත්‍රීවරියට
එම රැස්වීමේදී වැඩිම අවධානය යොමුව තිබෙන්නේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ කතාවට.
ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇය සිය අසතුට එහිදී පළ කර තිබෙනවා.
"ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 53ක් හිටියා.ඒකෙන් 52 කටම.ඇමතිකම් ලැබුණා.ඇයි මට විතරක් කුඩම්මගෙ සැළකිලි."
මන්ත්‍රීවරයා ඒ ආකාරයට එහිදී ප්‍රශ්න කර තිබෙනවා.
ප්‍රතිචාර නැහැ
එම සාකච්ඡාවට ජනපතිවරයා සහභාගී වූයේ නැහැ.
ඒ ඔහු විදෙස් ගතව සිටි නිසා.
එහෙත් ඉන්දීය සංචාරය නිමවා පැමිණි බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවට සහභාගි වුණා.
කුමාරසිංහ මහත්මිය ඉදිරිපත් කළ සිය දුක්ගැනවිල්ලට වගකිවයුතු කිසිවකුගෙන් ප්‍රතිචාර ලැබී නැහැ.
අහෝසි වූ මන්ත්‍රී ධූරය
යහපාලන ආණ්ඩු සමයේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය ඡන්ද පෙත්සමක් නිසා අහෝසි වුණා.
ඊට හේතු වුණේ ව්‍යවස්ථා විරෝධී ලෙස ඇය ද්විත්ව පුරවැසිභාවයක් දැරීමයි.
මන්ත්‍රීධුරය අහෝසි වූ කුමාරසිංහ මහත්මිය වෙනුවට ගාල්ල දිස්ත්‍රික්ක ලැයිස්තුවේ ඊළඟට සිටි පියසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.