April 28, 2024

කරූත් කරළියට: රහස් රැසක් එළියට - රනිල් කළේ පාවාදීමක් : මහින්ද එක්ක ගේමක් ගැහුවා

දින 54 ආණ්ඩු පෙරළිය අවස්ථාවේ සිදු වූ කවුරුත් නොදන්නා රහස් රැසක් එවකට කතානායකවරයාව සිටී කරු ජයසූරිය මහතා විසින් හෙළිදරව් කොට තිබෙනවා.

"ව්‍යවස්ථා කුමන්ත්‍රණය" නමින් හැඳින්වූ මෙම සිද්ධියේදී පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනැවිත් ගසමින් , පුටු වලින් ගසමින් මන්ත්‍රීවරුන්ට පහර දෙමින් කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණය නතර කරන ලෙස පොලීසියට නියෝග කර තිබූ බවද කතානායකවරයා අනාවරණය කරනවා.

පොලිසියට දුන් උපදෙස

ඒ සඳහා පොලීසියට උපදෙස් ලබා දුන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන දෙපළම බවයි ඔහු හෙළිදරව් කරන්නේ.

එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති ධුරයෙන් ඉවත් කළ රනිල් වික්‍රමසිංහ මහතා යළිත් එම ධූරයේ තැබීමට කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයෙන් බව ජයසූරිය මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් වූ කලකිරීමක අත්දැකීමක්ද සමඟයි.

බලය සඳහා වික්‍රමසිංහ මහතා ඒ ආකාරයට කටයුතු කිරිම පාවා දීමක් බවත් එවන් දේශපාලන ලෝකයක ජීවත් වීමට සිදුවීම ගැන කළකිරීමක් තිබෙන බවයි හිටපු කතානායකවරයා සඳහන් කරන්නේ.

ප්‍රහාරයේ සැලසුම

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට කළ ප්‍රහාරය සැලසුම් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ බවට අනාවරණය කරන ජයසූරිය මහතා තමාට ඒ ව්‍යවස්ථා අර්බුදය අවස්ථාවේ උත්සවයකදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමටත් සැලසුම් කර තිබූ බවත් හෙළිදරව් කරනවා.

එම ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කර තිබුණේ වැඩිහිටි නිවාසයක උත්සවයකදී බවයි හිටපු කතානායකවරයා සඳහන් කරන්නේ.

කතානායකවරයා මේ අදහස් පළ කර තිබුණේ බී.බී.සී සිංහල සේවයේ සන්දේශය වැඩසටහනට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 21 January 2022 10:29

Related items