April 28, 2024

"19 ගෙන ආ නිසා ඔහුව මැන්ඩෙලාගේ මල්ලී ලෙසත් හැඳින් වූවා" - හිටපු කතානායක කරූ ජයසූරිය

September 11, 2020

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ කැපවීම හේතුකොට ගෙන ඔහුව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කිරීමට ජාත්‍යන්තරයේ අවධානය පවා යොමුව තිබූ බවට හෙලිදරව්වක් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් කර තිබේ.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අගය කළ හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා ඒ සඳහා මුල් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාව නෙල්සන් මැන්ඩෙලාගේ මල්ලී ලෙස හැඳින් වූ බවද ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබූ ප්‍රජාතන්ත්‍රික ගත ලක්ෂණ වැදගත්කම පෙන්වා දීම සඳහා ජයසූරිය මහතා මෙම කරුණු හෙලිදරව් කර තිබේ.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුලාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කොට නායකත්වය දැරූ යහපත් සමාජයක් වූ ජාතික ව්‍යාපාරයේ නායකත්වයට කරූ ජයසූරිය මහතා පත් කරගෙන තිබෙන්නේ ද 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීමේ සටනට මුලිකත්වය ලබා දෙනු ඇතැයි යන පදනම තුළය.

Rate this item
(2 votes)