April 28, 2024

කරූ ජයසූරිය අලුත් ගමනක් අරඹයි - විශේෂ මාධ්‍ය හමුව අද

September 10, 2020

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපති වශයෙන් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පත්වී තිබේ.

පසුගිය සඳුදා (07) පැවැති එම ව්‍යාපාරයේ විශේෂ හමුවකදී එහි සභාපති ධුරයට කරු ජයසූරිය මහතා පත්වී ඇත්තේ ඒකමතිකවය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනගා එහි සභාපතීත්වයට පත්වූයේ අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේය. උන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව එම ධුරයට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්විය.

කරු ජයසූරිය මහතා නව සභාපති ධුරයට පත්වීමෙන් පසුව අද (10) විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2020 08:18

Related items