April 28, 2024

කරූ හීන් නූලෙන්ම අඹරයි : සිවිල් සංවිධාන දෙසටත් හැරෙයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා තමන් සභාපතිත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය වඩා පුළුල් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

විපක්ෂය ප්‍රධාන පක්ෂ ඒකරාශී කිරීම පමණක් නොව සිවිල් සංවිධානද ආණ්ඩු විරෝධී එක් පෙරමුණකට ගෙන ඒමටයි මේ වන විට කරු ජයසූරිය මහතා කටයුතු කරමින් සිටින්නේ.

සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා

එහි එක් පියවරක් ලෙස ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය , පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය , සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය , මව්බිම සුරැකීමේ ව්‍යාපාරය , මව්බිම සුරක්ෂා එකමුතුව , කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය , ලංකා ත්‍රීරෝද රථ ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය යන සිවිල් අයිතීන් පිළිබඳ සංවිධාන වල නියෝජිතයින් සමඟද කරු ජයසූරිය මහතා සකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර කරු ජයසූරිය මහතා විපක්ෂයේ සියලු බලවේග ඒකරාශී කරමින් සමුළුවක්ද පැවැත්වූවා.

පක්ෂ සමුළුවට යහපත් ප්‍රතිචාර

ඊට ජනතා විමුක්ති පෙරමුණ පමණක් සහභාගී වූ නොවූ අතර සමගි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය , දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ රැසක් සහභාගි වූවා.

රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයාට එරෙහිව මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවක්ද කරු ජයසූරිය මහතා තුළ තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පොදු අපේක්ෂක පොරොන්දුව

ජනපති ධූරය නිශ්චිත කාල සීමාවක් තුළ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ පොරොන්දුව මත ජනපතිවරණයට ඉදිරිපත් වීමයි කරු ජයසූරිය මහතාගේ සැලසුම වන්නේ.

ඒ කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු හා තත්ත්වයන් පිළිබඳව මේ වන විටත් කරු ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇති විද්වතුන් සමඟ මෙන්ම හිටපු දේශපාලනඥයින් සමගද සාකච්ඡා කොට තිබෙන බවත් දැනගන්නට තිබෙනවා.

කරු ජයසූරිය මහතා එම ඉලක්කයට ළඟා වීම සඳහා අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගොඩනැගූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයා ලෙස විපක්ෂයේ බලවේග එක තැනකට එකතු කරමින් සැලකිය යුතු කටයුත්තක් කරමින් සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 14:13

Related items