May 02, 2024

අපේම පක්ෂ පොලොන්නරුවේ ශාඛා හදන්නේ ගොවි උද්ඝෝෂකයන් ගෙනහල්ලා: මහින්දානන්දගෙන් හෙළිදරව්ව

November 09, 2021

ආණ්ඩුව පැත්තෙන්ම සිටින ඇතැම් පක්ෂ වල පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් මිනිස්සු අද ශාඛාව හදාගන්නෙ ගොවියෝ ටික ගෙන්වාගෙන බවට හෙළිදරව්වක් කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළා.

එම අය උදේට ගොවි උද්ඝෝෂණ තබා හවසට ශාඛාව හදන බවයි විෂය භාර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

රාජ්‍ය ඇමතිගේ ප්‍රතිචාරය

"එහෙම නේද රොෂාන් මන්ත්‍රිතුමා"යැයි එහිදී අමාත්‍යවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයම නියෝජනය කරන රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක්ද කලා.

ඒකට කමක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේ මේකෙන් හරි සමහරු ගොඩ එන්නට උත්සාහ කරන බවද අනාවරණය කරමින්.

ප්‍රශ්නයක් හෝ විරෝධයක් නැහැ

ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට ප්‍රශ්නයක් හෝ විරෝධයක් නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අලූත්ගමගේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොහොර හිඟය ගැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරතුරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 12:53

Related items