April 27, 2024

මහින්දානන්දගේ අභියෝගය හරීන් පිළිගනී : දෙපාර්ශවය මහා විවාදයකට සූදානම් (VIDEO)

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අභියෝගයක් දුන්නා.

ඒ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ඉරු දින ප්‍රහාරය මුල් කොටගෙන පාර්ලිමේන්තු තුල අදහස් දැක්වීම හේතුකොටගෙන.

ඇමතිගේ අභියෝගය

පාර්ලිමේන්තුව තුළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියන කරුණුද සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්න ලෙසටයි ඇමතිවරයා අභියෝග කළේ.

එහිදී තම පාර්ශවයෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තිබෙන කරුණුද ඉදිරිපත් කරන බව ඇමැතිවරයා සඳහන් කළා.

එම අභියෝගය බාරගත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම පාර්ශවයෙන් තමා සහ මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා ඉදිරිපත්වන බව සඳහන් කළේ අලූත්ගමගේ ඇමතිවරයා සමග ආණ්ඩුවෙන් ඉදිරිපත් විය හිටපු කෙනාද නම් කරමින්.

ආණ්ඩුවේ නියෝජනය

ඒ අනුව ඔහු යෝජනා කළේ කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයාව.

එහිදී අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේ පොලිසිය භාර සරත් වීරසේකර ඇමතිවරයාද එම විවාදයට සම්බන්ධ කරගත යුතු බවයි.

ඊට පිළිතුරු දෙමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේ වීරසේකර මහතා පැමිණියාට කමක් නැති මුත් ඔහුව පැත්තකින් තබා ගත යුතු බවයි.

නාලිකාව පිළිබඳ ප්‍රශ්නය

පසු එම විවාදය පවත්වන්නේ කුමන නාලිකාවේ යන්න හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රශ්න කලා.

ඔහු එසේ ප්‍රශ්න කළේ නාළිකා දෙකක නම් කියමින්.

එම නාලිකා දෙක තමන්ව තහනම් කර ඇති බැවින් වෙනත් නාලිකාවක් යෝජනා කරන ලෙස අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව ස්වර්ණවාහිනිය හොඳ බව අමාත්‍යවරයා යෝජනා කළ අතර ඉතිරිව තිබෙන්නේ විවාදය පැවැත්වෙන ඉදිරියේ තීරණය කිරීමට පමණයි.

පාර්ලිමේන්තුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන තමන්  කියන කතා එළියේ කියවාගෙන තමන්ට එරෙහිව නඩුවක් පැටලිවීම අලුත්ගමගේ  ඇමතිවරයාගේ සැලසුම නම් ඊටද මුහුණ දීමට තම පාර්ශ්වයේ සූදානම් බවත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇමතිවරයාට මතක් කර දුන්නා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 21 January 2022 16:52

Related items