May 09, 2024

ප්‍රවාහන සේවය අර්බුදයක! බස් රථ රියදුරුන් සහ කොන්දොස්තරවරුන් රැකියා අත්හරී

ඊයේ (01) වැනිදා රට නැවත විවෘත කිරීම සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ රටේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යනු ලබනවා.

කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවය යළි සාමාන්‍ය පරිදි නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හෙළි කරන කරුණු හරහා පෙනී යනවා.

අමාත්‍යවරයා පවසා සිටින්නේ බස්නාහිර පළාත් තුළ බස් රථ 6000ක් ධාවනය විය යුතු වුණත් ධාවනය වන්නේ බස් රථ 900ක් පමණක් බවයි.

එයට හේතුව ලෙස අමාත්‍යවරයා පවසා සිටියේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් බහුතරයක් සිය රැකියාව අත්හැර වෙනත් රැකියාවලට යෑමයි.

එම රියදුරන්ට සහ කොන්දොස්තරුවන්ට සිය රැකියා පිළිබඳව විශ්වාසයක් නොමැති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ "දැන් මේ අයට නැවත විශ්වාසයක් නැහැ රැකියාවට ආවත් සතියකින් දෙකකින් රට නැවත වැහුවොත් ඒ අයට තිබුණු එකයි, අත ගහපු එකයි දෙකම නැතිවෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා" යනුවෙනි.

අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 10:19