May 08, 2024

පිටරට යට ඇඳුම් අඳින අයට ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියපු අමුතු කතාව Featured

September 12, 2021

මාතලේ   දිස්ත්‍රික්කයට අයත් ලග්ගල නගරයේ නව ලංගම බස් ඩිපෝවක් සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාව ඊයේ (11) දිනයේ පෙරවරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙරට ඉදිවන 108 වන ලංගම  බස් ඩිපෝව මෙය බවද රාජ්‍ය අමාත්‍ය දිනුම් අමුණුගම මහතා මෙහිදී සඳහන් කළා.

මේ වන විට ලංගමය යම් මට්ටමක පාඩු ලබමින් පැවතියද සේවාවක් ලෙස පවත්වා ගෙන යන බවද ඒ මහතා පෙන්වා දුන්නා. එමෙන්ම මේ වන විට  බස් ඩිපෝ රැසක් ආදායම් නොමැතිව තිබියදී සේවකයන්  නඩත්තු කිරීමේ කටයුතු සිදුකරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ  ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ මහ බැංකුවේ අධිපති ඉල්ලා අස්වීම නිසා නව මහ බැංකුවේ අධිපතිවරයකු පත්කිරීම සිදු කරන බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මෙරටට ගෙන්වීම සීමා කිරීම් සඳහා රජයේ ගෙන ඇති වැඩපිළිවෙළේදී මෙරට  නිෂ්පාදනය නොවන කැමරා ආම්පන්න ටයර් ආදී පිළිබඳව මෙන්ම යට ඇඳුම් පිළිබඳව විමසීමේ දී දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පිටරටින් ගෙන්වන යට ඇඳුම් ඇන්දේ නැතැයි කියා මිනිස්සු මියැදෙන්නේ  නොමැති බවත්, කොවිඩ්  හැදුනු විගස මිය මිය යන බවත් සඳන් කළා.

කෙසේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ රැසක් එහි පවතින බවද සඳහන් කළ අතර එම භාණ්ඩ ගෙන්වීමේදී බදු මුදල් පැනවීම්ක් හෝ මිල වැඩි කිරීමට අවශ්‍ය නොවන බව සඳහන් කළ අතර මෙපමණ කාලයක් යට ඇඳුම් පවා පිටරටින් ඇඳ සිටි සියලු දෙනා ඇඳුම් නැතිව සිටිය යුතු බවද සඳහන් කළා.

(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල)

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 08:04