May 08, 2024

ඇමැති දිලුම්ගෙන් තවත් කතාවක්! අද මාතෘකාව ලංගම රියදුරන්

"ලංගම රියදුරන් ඒ තරම් උගත් බුද්ධිමත් අය නොවෙන්න පුළුවන්. ඒත් විපක්ෂය වගේ වැඩ කරන්නේ නැහැ." යැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත  රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඉන්ධන මිල වැඩි වීම පිළිබඳව සාගර කාරියවසම් මහතා මෙන්ම තමාත් ප්‍රවාහන ඇමතිවරයා හැටියට ප්‍රකාශයක් කළ කෙනෙක් බවද ඒ මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා.

"මමත් අපේ කැබිනට් ප්‍රවාහන අමාත්‍යවරයාත් තමයි වැඩියෙන්ම මේ මිල වැඩි වීමට අකමැති. ඒ ආශ්‍රිත වැඩි හරියක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අපිට. හැබැයි මම පුදුමයට පත් වෙන්නේ මේ ක්ෂේත්‍රය සෘජුවම බලපාන අයත් එක්ක අපිට සාකච්ජා කරන්න පුළුවන්. බස්රථ හිමියන්, පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කරන සංගම්වලට සෘජුවම මේකේ බලපෑම තියෙනවා. කල හැකි දෙයක් නැති නිසා ලෝක වෙළඳපොලේ මිල වැඩි වීමත් එක්ක මිල වැඩි කරන්න සිද්ධ වුනා. හැබැයි විපක්ෂය බැලුවා එතුමා ඉදිරිපත් කරපු ඒ මතය අපි දිරිපත් කරපු දේ ප්‍රයෝජනයට අරන් මේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරලා දවස් දෙකක් දැන් මේ සභාව පවත්වනවා. සිගිති විශ්වාසභංගයක් සාකච්ජා කිරීම සඳහා. මේ පාර්ලිමේන්තුවේ සිඟිති වැඩ කරන්න හදනවා. මම විශ්‍වාස කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහතත්යා මේ පුටුවේ හිටියා නම්, එතුමාගේ කාලෙත් විශ්වාසභංග ගෙන්වා. ඒත් මේ වගේ සිඟිති විශ්වාසභංග ගෙනාවේ නැහැ. සමස්ත බස් හිමියන්, ත්‍රිරෝද රථ සංගම්, පාසල් රථ ප්‍රවාහනය කරන්නන්ගේ සංගම් මේ සියලුම දෙනාට නිතරම අපිට විරුද්ධව මත ප්‍රකාශ කරපු සංගම් පවා මේ කාරණයේදී අපිත් එක්ක සාකච්ජා කරලා ජනතාවගේ පිට මේ බර නොපටවමින් අපිත් එක්ක එකග වෙලා ඉන්නවා. අද බස් ගාස්තු වැඩි කරලා නැහැ. ත්‍රිරෝද රථ වල කුලිය වැඩි කරලා නැහැ. පාසල් රථවල කුලිය වැඩි කරලා නැහැ. විපක්ෂයේ අය තරම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අය කුහක නැහැ. වසංගතය දඩ මීමා කරගෙන වර්ජනය කරන එක වැරදියි. ලංගම රියදුරන් ඒ තරම් උගත් බුද්ධිමත් අය නොවෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්නේ නැහැ."

පසුගියදා දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීම සඳහා එක් ගුරුවරයෙක් පමණක් ප්‍රමාණවත් බවයි. එම ප්‍රකාශයට පාර්ශව කිහිපයක්ම විරෝධය පළ කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 July 2021 20:17