May 08, 2024

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා හෙට සිට ඇරඹෙයි Featured

පසුගිය 10 වැනිදා නිකුත් කළ නව කොරෝනා පාලන මාර්ගපෝදේශයන් අනුව පළාත් අතර සංචරණ සීමා දින 14කින් දීර්ඝ කර තිබුණා.

නමුත් පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා වන පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියා.

ඒ අනුව හෙට (14) දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ කීපයක් පළාත් අතර ධාවනයට යොදවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම යොදවන පොදු ප්‍රවාහන සේවා සියල්ලම අත්‍යවශ්‍ය රාජකාරීමය කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් රටේ ජනතාව වෙත ඉල්ලීමක් කර තිබුණා.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම අත්‍යවශ්‍ය සේවාවල ගමන් කරන්නේ නම් රාජකාරී හැඳුනුම්පත හෝ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමට අවශ්‍ය කරන ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 July 2021 09:10