May 09, 2024

පොලීසිය ඇතුලේ වැරදි අල්ලන්න අලුත් ක්‍රමයක්

පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා පිළිබඳ සොයා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වෙනමම විමර්ශන ඒකකයක් පොලීසිය තුළ පිහිටුවීමට රජය සූදානම් වනවා.

ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසූවේ යුද හමුදාවේ නිලධාරින්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මිලිටරි පොලිසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවයි.

පොලීසිය තුළ ද එවැනිම ඒකකයක් පිහිටුවීම තමාගේ බලාපොරොත්තුව බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ පිළිබඳව මේවන විටත් තමා ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද අමුණුගම මහතා අනාවරණය කළා.

පොලිසියේ දූෂණ අක්‍රමිකතා සහ වෙනත් විශමාචාර වැළැක්වීම සඳහා මෙවැනි අංශයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් තමා මේ දිනවල කරුණු සොයා බැලීමක් කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 June 2021 08:28