May 08, 2024

උපාධිධාරීන් ගැන තීරණයක් - පොලීසියෙන් රැකියාවක්

උපාධිධාරීන් ඍජුවම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවාගැනීමට රජය සූදානම්වනවා.

මෙම වැඩපිළිවෙල ලඟදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව යි ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ.

දැනට උපාධිධාරීන් ඍජුවම බඳවා ගැනෙන්නේ සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට පමණයි.

මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මේවන විටත් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙලෙස උපාධිධාරීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළට පැමිණීමේ දී ජනතාව සමග සිදුකෙරෙන පහළ මට්ටමේ කටයුතු පිළිබඳව සැළකිය යුතු අවබෝධයක් ලබා ගැනීමට ඔවුනට හැකිවනු ඇති බව අමුණුගම මහතා පෙන්වා දෙනවා.

තමා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එම තත්ත්වය සළකා බලා බව ඔහු පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ පොලීසියේ කටයුතු විධිමත් කිරීමට නම් බොහෝ අංශවල වෙනස්කම් සිදුකළ යුතු බවයි.

Rate this item
(3 votes)
Last modified on Sunday, 27 June 2021 16:39