මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුමේදී දින දෙක තුළම රැඳවියන්ට වෙඩි තබා ඇති බව කමිටු වාර්තාව මඟින් සනාථ වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී ''ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන් පැමිණිය නොහැකි ආකාරයට අකුලන ගේට්ටුව වසා ආරක්ෂා කොට රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි අන්දමට රැකවල් යොදා ඇත. රැඳවියන් දෙසට කඳුළු ගෑස් විසිකර ඇත. ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට්වලින්ද පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්ත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත.'' යනුවෙන් වාර්තාවේ සඳහන් කර තිබෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
දෙවෙනි දිනයේත් රැඳවියන් ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන් වතුර ඉල්ලා කෑගසා ඇති බවත් එම අවස්ථාවේදීද පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තැබීම නිසා කිහිප දෙනෙකුට තුවල් සිදු වී ඇති බවද වාර්තාවේ දැක්වෙන බව තවදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.