April 27, 2024

හරීන් හිටි හැටියේම අසනීප වෙයි: යළි රෝහලට

September 30, 2021

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නැවතත් රෝහල් ගත කර තිබෙන බව වාර්තා වනවා.

ඔහු මේ වන විට පෞද්ගලික රෝහලක සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

තවත් සැත්කම් කිහිපයක්

මන්ත්‍රීවරයාට හෘදය සම්බන්ධයෙන් තවත් සැත්කමකට කිරීමට නියමිත බවයි ප්‍රකාශ වන්නේ.

මීට පෙරද ඔහුට හෘදය සම්බන්ධයෙන් සැත්කම් කිහිපයක් කර තිබෙනවා.

ඒ සඳහා මාසයකට වැඩි කාලයක් මන්ත්‍රීවරයා රෝහල් ගත වී සිටියා.

විදෙස්ගත පරීක්ෂණ

සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම සැත්කම්වලින් පසු එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් වැඩිදුර පරීක්ෂණ පරීක්ෂණවලට සහභාගි වූ බවත් දැනගන්නට තිබෙනවා.

ඒ සිංගප්පූරුව කොවිඩ් තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති නිසා.

මන්ත්‍රීවරයා ඊට පෙර වැඩි දුර සෞඛ්‍යය පරීක්ෂණ සඳහා ගොස් තිබෙන්නේ සිංගප්පූරුවට.

ඉකුත් සතියේ පාර්ලිමේන්තු සැසිවාර වලටද සහභාගි වූ මන්ත්‍රීවරයා තමන් හොඳ නිරෝගී සෞඛ්‍යය තත්ත්වයකින් සිටින බව පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ටත් ප්‍රකාශ කොට තිබෙන බවත් දැනගන්නට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 00:28

Related items