April 27, 2024

පොහොට්ටුවේ අත් පටලා ගැනිල්ල ගැන හරීන් කියන අමුතු කතාව (VIDEO)

November 05, 2021

බැසිල් රාජපක්ෂ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් එළිපිට රණ්ඩු වන්නේ කැමරාව හමුවේ බවයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් කැමරාව නැති තැන මෙසේ රණ්ඩු වන මේ දෙන්නා ගෑනියි , මිනිහයි වගේ ඉන්න බව ඔහු සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් වූ ඡායාරූපයක්ද පෙන්වමින්.

අත් අල්ලා ගැනීම

ඊයේ පෙරේදා පැවති උත්සවයකදී (පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරය) බැසිල් රාජපක්ෂ හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් අත් අල්ලාගෙන සිටින ඡායාරූපය මන්ත්‍රීවරයා පෙන්වූයේ මේ බොරුව ජනතාව දකින්නේ නැද්දැයි යන්න ප්‍රශ්න කරමින්.

"දෙන්නා ඉන්නේ ලව් වගේ.අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ මෙහෙම අත් අල්ලගෙන හිටියොත් වෙන කතන්දරයක් එන්නේ.හැබැයි මේ කතන්දරේ හොඳයි.මේකත් හැබැයි එහෙම කතන්දරයක්ද දන්නෙත් නැහැ.එහෙම එකක් නොවෙයි කියලයි අපි හිතන්නේ.හැබැයි එලියේ ගහගන්නවා." යයිද ඔහු පෙන්වා දෙනවා.

විමල් වීරවංශලා කිහිප දෙනෙක් අල්ලගෙන එලියට ඇවිත් හදන්න හදන බලවේගය මේ රට කාපු බලවේගය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජනතාව රැවටීම

ගෝඨාභය රාජපක්ෂ ලී ක්වාන් යූ වගෙයි කියපු මිනිහා (විමල් වීරවංශ) දැන් එහෙම නෙමෙයි කියනවා නම් ඒ කතාවලින් ජනතාව රවට්ටන්නට බැරි බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

මේ පිරිස විපක්ෂයක් හදාගන්නට උත්සාහ කලාට ඒක ජවනිකාවක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පක්ෂ භේදයකින් තොරව අභියෝග හමුවේ එක අරමුණකින් සිට ගැනීමට සමගි ජන බලවේගය සමග එකතු වන ලෙස තමන් ආණ්ඩු විරෝධී සැබෑ බලවේග වලට ආරාධනා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත් පටලා ගැනිල්ල ගැන මේ අදහස් පළ කළේ සමගි ජන බලවේග මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Rate this item
(2 votes)
Last modified on Friday, 05 November 2021 08:33

Related items