අද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන්නේ එදා තමා කළ ප්‍රකාශය නිසා බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
තමන්ට කොතරම් ගල් ගැසුවද සත්‍ය දෙවියන් වහන්සේ විසින් කෙදිනක හෝ ඔප්පු කර පෙන්වා දෙනු ඇති බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලිසිය කලින් දැන සිටියා යැයි කරන ප්‍රකාශය පිළිබඳව තමාගේ අසතුටක් නැති බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමාගේ පියා, සීයා හෝ වෙනත් අයෙකු මෙම ප්‍රහාරය පිළිබඳව දැන සිටියා යැයි පැවසූවොත් ඒ පිළිබඳව ද තම අසතුටට පත් නොවන බව ද සදහන් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ ජනපති කොමිසම ඉදිරියට ගොස් තමන් දන්නා කරුණු සියල්ලම එළිදරව් කළ බවත් හරින් හරීන් කියමින් තමාව ඒ සම්බන්ධයෙන් තවමත් අල්ලා ගැනීමට කටයුතු කරන බව ද අවධාරණය කරයි.
කාදිනල්තුමා පිළිබඳව ද තමන් දරපු මතය ප්‍රකාශ කළ බවත් එහි වැරැද්දක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කාදිනල්තුමාගෙන් විමසන ලෙසත් සදහන් කරන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමා ඒ සම්බන්ධයෙනුත් කාදිනල්තුමා මුණ ගැසි කතා කල බව ද පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ වරාය, නාවික හා සංචාරක අමාත්‍යංශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති වැය ශීර්ෂය අතරතුර පාස්කු ඉරුදින සිද්ධිය සම්බන්ධයෙන් සභාව තුළ ඇති වූ අදහස් හුවමාරුවීම් අතරතුරය.