May 09, 2024

බස් රාජ්‍ය ඇමති දිලුම්ගේ ගාස්තු ක්‍රමය මගියා සූර කන එකක්

November 09, 2020

බස් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් බස් ගාස්තු වැඩ කිරීම සදහා යෝජනා කොට තිබෙන ක්‍රමය යල්පැන ගිය අසාර්ථක එකක් බැව් හෙළිදරව් වේ.

නිරෝධායන නීති රීති වලට අනුව බස් ගාස්තු ක්‍රමවේද තුනක් යටතේ සංශෝධනය කරන බව සඳහන් කොට තිබෙන රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව ආසන ගණනට පමණක් මගින් ගෙන යන බස් රථ සඳහා හා තනි ආසනවල මගින් ගෙන යන බස් රථ සදහා ගාස්තු වැඩි කිරීමක් කරන බව සඳහන් කොට තිබේ.

දිලුම් අමුණුගම මහතා යෝජනා කොට තිබෙන මෙම ක්‍රමය මගීන් සූරා කෑමට ලක් වූ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු ක්‍රමයට සමාන ක්‍රමයකි.

අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක් වන අතර එම බස් රථ වල මගින් ගෙන යා යුත්තේ ආසන ගණනට පමණකි .

එහෙත් එම බස් සේවාවේ මගීන්ගෙන් අදාල ගාස්තුව අය කොට ආසන  ගණනට පමණක් නොව සිටගෙන ද මගීන් ගෙනයාම මත ජනතාවගෙන් දැඩි විරෝධයක් ඊට එල්ල විය .

ඒ නිසාම අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කරන ලෙස පෞද්ගලික බස් සේවකයන්ගෙන් ද ඉල්ලීමක් ඉදිරිපත් විය.

හිටපු ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද එම ඉල්ලීමට එකඟ වෙමින් අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කිරීමට තීරණය කළ මුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කරන ආකාරයට ආසන ගණනට පමණක් මගීන් ගෙන යන බස් රථවල මගීන් සිටගෙන ගෙන යනවා දැයි නියාමනය කිරීමට වගකිවයුතු පාර්ශවයන් නොමැත.

බස් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම යෝජනාවෙන් සිදුවන්නේ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දැඩි ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දී සිටින ජනයාව තවත් සූරා කෑමකට ලක් කිරීමකි .

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 21:52