May 02, 2024

මැකෝ හදිසියේ ෆේස්බුක් හැරයයි

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශල්‍යකර්මයකට මුහුණ දී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය සෙනසුරාදා (16) මෙම සැත්කම සිදු කොට ඇති බව සඳහන්.

ඒ මහතාගේ වම් ඇස මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කොට ඇති බව යි පැවසෙන්නේ.

මේ අතර මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ තමන් ෆේස්බුක් සමාජ ජාලයෙන් තාවකාලික විරාමයක් ලබාගන්නා බව යි.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ වග සඳහන් කොට තිබෙනවා.

ඇසට සිදු කළ ශල්‍යකර්මය හේතුවෙන් ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැළකීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බව එහි දැක්වෙනවා.

මෙම මස 31 වැනි දා යළි තමන් වෛද්‍ය උපදෙස් ගැනීමට නියමිත බවත්, එතෙක් මෙලෙස සමාජ ජාලවලින් බැහැරවෙන බවත් ඇතැම්විට ඉන් ඔබ්බටත් සමාජ ජාල පරිශීලනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවටත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 October 2021 11:19