May 02, 2024

ජනපති කැඳවූ විශේෂ කැබ්නට් රැස්වීමේදී තීන්දුවක් ගනී Featured

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් මේවන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී විශේෂ අවධානය යොමුව ඇත්තේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳවයි.

වරාය නගර පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කළ සංශෝධන පිළිගන්නා බව කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට අද(18) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගියදා පාර්ලිමේන්තුව වෙත යොමුකර තිබූ අතර අද කථානායකවරයා විසින් එම තීන්දුව සභාවේදී ප්‍රකාශ කළේය. 

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

එම පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)

Related items