May 02, 2024

පොලිස් ඇමතිට කඩු සහ පිහි පැටලී කැබිනට් රැස්වීම රස සාගරයක් වෙයි Featured

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකර මහතාට කඩු සහ පොල් කඩන පිහි පැටලීම හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම රස සාගරයක් වූ බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පාස්කු සිද්ධිය සමයේ කඩු ගෙන්වීම සම්බන්ධයෙන් ලිපි ගොනු පොලිසිය සතුව නොමැති බව හිටපු නීතිපතිවරයා මාධ්‍යයට අනාවරණය කළ බව මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් පෙන්වා දී තිබේ.

ඊට පිළිතුරු දෙමින් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ නීතිපතිවරයාගේ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍යක් බවත් ඒ පිළිබඳ තොරතුරු පොලිසිය සතුව තිබෙන බැවින් ඒ අනුව කඩු  1440 ක් ගෙනවිත් තිබූ බවත් ඒවා සිල්ලර කඩ වලට දී තිබූ බවත්ය.

මේ අවස්ථාවේ මෙම ප්‍රශ්නයට මැදිහත් වූ ජනපතිවරයා විමසා තිබෙන්නේ ඒවා කඩු නොවෙයි නේද යන්නය.

"ඔව් , ඒවා පොල් කඩන ඒවා.ඒවගෙන් 300 කුත් ඊබ්‍රහිම්ගේ පුතා පල්ලිවලට දුන්නා" යයි ඊට පිළිතුර ලෙස වීරසේකර අමාත්‍යවරයා සඳහන් කරද්දී එය අසා සිටි කැබිනට් මණ්ඩලය එකම රස සාගරයක් බවට පත්ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 09:22

Related items