April 30, 2024

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුට වැඩ වරදී

ඊයේ (31) දිනයේ දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් කොළඹදී කරන ලද වැටලීමකින් සහරාන් හෂීම්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ අන්තවාදී, මුලධර්මවාදී කරුණු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙනි.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවත්, අනිත් පුද්ගලයා තිහාරිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවත් සඳහන් වෙයි.

 මෙම දෙදෙනාම කටාර් රාජ්‍යයේ සිට මෙම සමාජ මාධ්‍ය මෙහෙයුම 2017,18,19 වසරවල දියත් කර ඇති බවද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එහිදී නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ “විශේෂයෙන්ම සහරාන් හෂීම් නැමැත්තා පාස්කු ප්‍රහාරය දියත් කර මරාගෙන මැරෙන ක්‍රියාවලිය සිදු කිරීමෙන් අනතුරුව ඔහු සමඟ යම් පිරිසක් දිවුරුම් දෙන පින්තූරයක් වීඩියෝ පටයක්, දර්ශනය වුණා..එම වීඩියෝ පටය සහ පින්තූරය අන්තර්ජාලයට එක්කර ඇත්තේ මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බවට හෙළි වී තිබෙනවා” ලෙසිනි.

මෙම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම පුද්ගලයින් දෙදෙනාගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධව කටාර් රාජ්‍ය දැනුවත් කිරිමෙන් අනතුරු පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 20 වැනිදා කටාර් රාජ්‍යයේ සිට මොවුන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බවයි.

ඉන්පසුව කරන ලද පරික්ෂණවලින් පසුව මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

Rate this item
(0 votes)

Related items