April 30, 2024

උද්ඝෝෂණවලට කලින් පල්ලිවලට ගැසූ අය එලියට දාන්න යැයි නලින් බණ්ඩාර මට බල කළා

December 03, 2020

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව බිංගිරිය, හෙට්ටිපොල යන ප‍්‍රදේශවල මුස්ලිම් පල්ලිවලට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ව පොලිස් ඇපමත නිදහස් නොකළහොත්, උද්ඝෝෂණ ඇතිවිය හැකි බව එවකට රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ නලින් බණ්ඩාර මහතා ද ප‍්‍රකාශ කළ බව එවකට කුලියාපිටිය පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ රොෂාන් හේවාවිතාරණ මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඊයේ (02 දා) පැවසීය.

රජයේ අධිනීතිඥවරයාගේ සාක්‍ෂි විමසීම හමුවේ සාක්‍ෂි ලබාදුන් පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රජයේ අධිනීතිඥවරයා - 2019 මැයි මස 12, 13 සහ 14 යන දිනවල ඇති වූ සිදුවීම් පිළිබඳව ඔබට දැනගන්න ලැබුණේ මොනවාද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - පිරිසක් පැමිණ කඩ වසන ලෙස දැනුම් දී ගිය බව දැනගත්තා. පසුව අපි ගිහින් එම කඩ අරින්න කටයුතු කළා.

රජයේ අධිනීතිඥවරයා - කවුද ඔබට ඒ බව දැනුම් දුන්නේ

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයා

රජයේ අධිනීතිඥවරයා - ඊට පසුව කුමක්ද සිද්ධ වුණේ.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - කුලියාපිටිය පොලිස් වසමේ කරන්තිප්පල යන ප‍්‍රදේශයේ කඩවලට ත‍්‍රීවීල්වලින් පැමිණ පහර දී ඇති බව දැනගත්තා.

රජයේ අධිනීතිඥවරයා - වෙලාව කීයට පමණද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - සවස 6.00 ට පමණ.

රජයේ අධිනීතිඥවරයා - දැකගන්න ලැබුණේ කුමක්ද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - හෙට්ටිපොළ පාරේ පිහිටි එම වෙළෙඳසල්වල වීදුරුවලට ගල් සහ පොලූවලින් පහර දී අලාභහානි කර ඇති බව.

රජයේ අධිනීතිඥවරයා - ගල් සහ පොලූවලින් පහර දී ඇති බව දැන ගත්තේ එම ස්ථානයේ ගල් සහ පොලූ තිබුණාද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - ඔව්.

රජයේ අධිනීතිඥවරයා - ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාත් පැමිණ සිටියා. ඒ වන විට රාත‍්‍රි රාජකාරි සඳහා පැමිණ සිටි කුලියාපිටිය අපරාධ අංශයේ නිලධාරීන් කැඳවා උපදෙස් දී ආරක්‍ෂාවට යෙදෙව්වා.

රජයේ අධිනීතිඥවරයා - එම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේ නැද්ද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - කුලියාපිටිය මූලස්ථාන පොලිසිය විසින් පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් පොලිසියට රැුගෙන ගිය බවත් දැනගත්තා.

රජයේ අධිනීතිඥවරයා - ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්ද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - වෙළෙඳසල්වලට පහරදීපු බවට ලැබුණු තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

රජයේ අධිනීතිඥවරයා - ඔවුන් සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - ප‍්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු 200 ක් පමණ පොලිසිය අසලට ඇවිත් අත්අඩංගුවට ගත් අය එම සිදුවීම්වලට සම්බන්ධ නොමැති බව පවසමින් සිටියා.

රජයේ අධිනීතිඥවරයා - කවුද ඒ පිළිබඳව දැනුම් දුන්නේ.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - මම සිටියේ කුලියාපිටිය නගරයේ. ඒ අවස්්ථාවේදී යතුරුපැදිවලින් ගිය අය අනර්ථයක් කළ බව දැන ගත්තා. මම නගරයට ගිහින් යතුරුපැදිවලින් යන අය නතර කිරීමට කටයුතු කළා.

රජයේ අධිනීතිඥවරයා - හතරදෙනකු අත්අඩංගුවේ සිටියදී තවත් ප‍්‍රහාරයක් එල්ල වූවාද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - ඔව්. රාත‍්‍රි 8.00 ට පමණ වෙනත් පිරිසක් තමයි මුස්ලිම් කඩ දෙකකට පහර දුන්නේ.

රජයේ අධිනීතිඥවරයා - අත්අඩංගුවට ගත් හතර දෙනාට මොකද කළේ. රැුස්වී සිටි පිරිස සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද?

පොලිස් අධිකාරී රොෂාන් හේවාවිතාරණ මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණියා. මමත් සමග කුලියාපිටිය නගරයේ රැුඳී සිටිමින් ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළා. අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා තිබුණා. ඔවුන් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු එම පිරිස විසිර ගියා.

රජයේ අධිනීතිඥවරයා - අත්අඩංගුවට ගැනීමේදී නිසි පරීක්‍ෂණයක් කළේ කවුද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා - නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

රජයේ අධිනීතිඥවරයා - කිසි පරීක්‍ෂණයක් නොකරද අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: සිදුවීම් සහ අත්අඩංගුවට ගැනීම අතර තිබෙන්නේ කෙටි කාලයක් පමණයි.

රජයේ අධිනීතිඥවරයා: කුලියාපිටිය, හෙට්ටිපොල ප‍්‍රදේශයේ ප්ලාස්ටික් බඩු කඩ දෙකකටත් පහරදී තිබුණා. එම පහරදීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: එම සිදුවීම් සිද්ධ වුණේ රාත‍්‍රී කාලයේදී. පොලිසිය ඉදිරිපටත් තිබුණේ නොසන්සුන් තත්ත්වයක්. එම නිසා එදා අත්අඩංගුවට ගන්න බැරිවුණා.

රජයේ අධිනීතිඥවරයා: කැරලි මර්දන කණ්ඩායම් අවශ්‍ය බව ඉහළ නිලධාරීන්ට දැන්වුවාද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: දැනුම් දීමක් කළා. ඒ අනුව තමයි විශේෂ කාර්ය බළකායේ සහ යුද හමුදාවේ සහාය ලැබුණේ.

රජයේ අධිනීතිඥවරයා: බිංගිරිය පොලිස් බල ප‍්‍රදේශයේ යම් සිදුවීමක් සිද්ධවූවාද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: මම නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග කාර්යාලයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡුා කරමින් සිටියදී දැනගන්න ලැබුණා ප්ලාස්ටික් බඩු කඩවලට ගිනි තබා ඇති බව. ඒ අවස්ථාවේදීම එම ස්ථානයට ගියා. මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අවට අය සමග එම ගින්න නිවන්න කටයුතු කරමින් සිටියා. නගරාධිපතිවරයා කතා කරලා ගිනි නිවන රථ ගෙන්වා ගත්තා. මම කුලියාපිටියේ නගර සභාවට සහ ප‍්‍රාදේශීය සභාවට කතා කරලා ජල බවුසර් ගෙන්වා ගෙන ගින්න නිවා දැමීමට කටයුතු කළා. රාත‍්‍රි 11 ට පමණ බිංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මට කතා කරලා කිව්වා කීනිගම පල්ලිය අසල පිරිසක්

රැුස්වී ඊට පහර දෙන්න හදන බව.

ඊට හේතුවී තිබුණේ එම ප‍්‍රදේශයේ වැවේ තිබූ උණ්ඩ වගයක් හමුවීම සහ එම උණ්ඩ පල්ලියේ තිබී ගෙනවිත් දැමූ ඒවා බවට ඇතිවූ සැකය.

රජයේ අධිනීතිඥවරයා: ඊට පෙර එම උණ්ඩ පිළිබඳව දැනගන්න ලැබී තිබුණා නේද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: දින තුනකට පමණ පෙර මම එය බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළා. ඔහු නාවික හමුදා කණ්ඩායමක් කැඳවා දින 2 ක් එම වැව පරීක්‍ෂා කළා.

රජයේ අධිනීතිඥවරයා: කවදාද ඒ පිළිබඳ දැන ගත්තේ.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: මැයි 9 වැනිදා දැනගත්තේ. 12 වැනිදා එම වැවට නාන්න ගිය අයකුට එම උණ්ඩ හමුවී තිබුණා. එම පල්ලිය ළඟ සිටි පිරිස විසිර ගියත් විසිර ගිය අය පල්ලියට ගල් ගහලා ගිහින් තිබෙනවා.

රජයේ අධිනීතිඥවරය: එම පිරිස අත්අඩංගුවට ගත්තාද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: එම අවස්ථාවේදී බැරි වූවා. නමුත් ඉන්පසුව යුද හමුදාවෙන් හය දෙනකු අත්අඩංගුවට අරගෙන පොලිසියට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මට දැන්වූවා. ඇඳිරි නීතිය කඩකිරීම නිසා තමයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

රජයේ අධිනීතිඥවරයා: ඉන්පසු මොකද කළේ?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: බිංගිරිය පොලිසියට භාර දුන්නා. ඉන් පසුව මට කතා කරලා උපදෙස් දුන්නා. අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නිසා වහාම පරීක්‍ෂණ කරන්න කියලා.

රජයේ අධිනීතිඥවරයා: බිංගිරිය පොලිසියෙන් විමසුවාද ඇයි අත්අඩංගුවට ගෙන තිබුණේ කියලා.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: පල්ලිවලට ගහන්න ආපු නිසා කියලා තමයි කිව්වේ.

රජයේ අධිනීතිඥවරයා: හෙට්ටිපොලට ගිය පසු මොකද වුණේ?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: හෙට්ටිපොල ජූඞ් පෙරේරා මහතා මට කිව්වා. බිංගිරිය පොලිසිය ඉදිරිපිට 500 ක් පමණ රැුස්වී සිටින බව. පාරේ ගිය අය අත්අඩංගුවට ගෙන ඇති බව තමයි ඔවුන් චෝදනා කළේ. ඒ අයට සාධාරණයක් කරන්න කියලා කියන බව කිව්වා.

මම කිව්වා බිංගිරිය වීරපොකුණ විiාලයේ

රැුස්වීමක් තිබෙන බවත්, එහිදී සාකච්ඡුා කරමු කියලා කිව්වා.

රජයේ අධිනීතිඥවරයා: අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලා කිව්වාද? කවුද කතා කළේ.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා කතා කළා. අත්අඩංගුවට ගත් අය පිළිබඳ බුද්ධි අංශයෙන් විමසුවා. ඔවුන් පිළිබඳ තොරතු අනාවරණය වී තිබුණේ නැහැ. සාක්ෂි තිබුණේ නැහැ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළොත් රක්ෂිත

බන්ධනාගාරගත කරනවා. එසේ කළහොත් මහාධිකරණයෙන් ඇප ගැනීමට සිදුවන බැවින් සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කරන්න කියලා ඔවුන් නිදහස් කළා.

රජයේ අධිනීතිඥවරයා: පිරිස මැදිහත් නොවුණා නම් ඔවුන් අසරණ වෙන්න තිබුණා නේද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: වෙන්න තිබුණා.

රජයේ අධිනීතිඥවරයා: කවුද නිදහස් කරන්න කියලා කිව්වේ.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: නියෝජ්‍ය පොලිස්පතිතුමා

රජයේ අධිනීතිඥවරයා: ඔහුගේ හරි තීරණයක්ද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: කතා කරලා ගත්ත තීරණයක්.

රජයේ අධිනීතිඥවරයා: පොලිසිය පමණද සිටියේ.

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: නැහැ. නලින් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සිටියා.

කොමිසමේ සභාපතිවරයා: පොලිස් රාජකාරී කරන්න අන් අයගෙන් උපදෙස් ගන්නේ කවදා සිටද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: විශාල පිරිසක් රැුස්වී සිටිය නිසා ඇතිවිය හැකි සිදුවීමක් වැළැක්වීම සඳහා එසේ කටයුතු කළා.

රජයේ අධිනීතිඥවරයා: එම සිදුවීම්වලට සම්බන්ධ අයට නඩු පැවරුවාද?

පොලිස් අධිකාරි - රොෂාන් හේවාවිතාරණ මහතා: එම සිදුවීම්වලින් පසුව මම කළුතර පොලිස් විiාලයට මාරු කළා. ඉන් පසුව සිද්ධ වූ දේ මම දන්නේ නැහැ.

රජයේ අධිනීතිඥවරයා: නලින් බණ්ඩාර මහතා එම

රැුස්වීමේදී සැකකරුවන් නිදහස් නොකොළෙත් උද්ඝෝෂණය කරාවි කියලා කිව්වාද?

පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ මහතා: ඔව්.

Rate this item
(0 votes)

Related items