April 30, 2024

මෙවර පාස්කු ඉරිදා දිනය ආරක්ෂා කරන්න හමුදාව මැදිහත් වෙයි

මෙවර පාස්කු ඉරුදින දේව මෙහෙයන්වල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ආරක්ෂාව ලබා දීමට නියමිත බව සඳහන් වෙයි.

ඒ අනුව පාස්කු සතියට සමගාමීව කතෝලික දේවස්ථාන ඇතුළු දිවයින පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කර සිටියි.

මෙහිදී විශේෂයෙන් හඳුනාගත් දේවස්ථානවලට ඇතුළුව රට පුරා ඇති හඳුනාගත් ස්ථානවලට හමුදා ආරක්ෂාව ලබා දීමට නියමිතව තිබේ.

මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ පාස්කු සතිය පුරාවටම ක්‍රියාත්මක කිරීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසා සිටියේය.

Rate this item
(0 votes)

Related items