April 30, 2024

පාස්කු නඩුවේ දී මේ සභාවේ ඉන්න අය ගැනත් හෙළිදරව් වෙයි - පොලීසිය භාර ඇමති අනතුරු අඟවයි

December 05, 2020

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අයි එස් අයි එස්‌ සංවිධානයත් සමග කටයුතු කළ ලංකාවේ කෙනෙකු සිටින බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා දන්නේ දැයි විපක්ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සරත් වීරසේකර මහතාගෙන් ප්‍රශ්න කරන ලදී.

තමා ඒ සම්බන්ධයෙන් දන්නා බවත් එම සම්බන්ධතා නඩු කටයුතුවලදී එළිදරව් වන බවත් පෙන්වා දුන් වීරසේකර අමාත්‍යවරයා නඩු කටයුතු කරගෙන යෑමේදී මේ සභාවේ සිටින අය ගැන ද හෙළිදරව් වීමට ඉඩ තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක් ද කරන ලදී.

ඒ සම්බන්ධයෙන් තොරතුරු තමා පාර්ලිමෙන්තුවේ හෙළිදරව් කිරීමට සුදානම් නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 December 2020 13:33

Related items