May 09, 2024

"මෛත්‍රී ඉන්නේ නීති විරෝධීවයි‍" චන්ද්‍රිකා පෙරළියට සටන අරඹයි - සජිත් පිලේ ප්‍රබලයෙකුත් එයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂ සභාපති ධුරයේ මේ වන විට රැදී සිටින්නේ නීතිවිරෝධී ලෙස බවට එම පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය චෝදනා කරයි.

ඇය මෙම චෝදනාව එල්ල කළේ නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ 122 වන ජන්ම දින සැමරුමට අද එක්වෙමිනි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළ සැමරුම් උත්සව දෙකක් අද පැවැත්විණි.

පළමුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය උදෑසන 7.15ට පමණ එම ස්ථානයට පැමිණ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වනු ලැබීය.

එම අවස්ථාවට නිදහස් පක්ෂය නියෝජනය කරන සෙසු දේශපාලනඥයින් පැමිණ සිටියේ නොසිටියේය.

පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කළේ එම ස්ථානයේ නිදහස් පක්ෂ සංවිධානය කර ඇති සැමරුම් උත්සවයට තමන්ට මෙවරත් ආරාධනා කර නොමැති බවයි.

ඉන් අනතුරුව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියේය.

හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු එම පක්ෂයේ නියෝජිතයින් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියේ ඉන් අනතුරුවයි.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු තවත් පිරිසක් එක්ව සිටියේය.

Rate this item
(2 votes)
Last modified on Friday, 08 January 2021 13:30