April 27, 2024

චන්ද්‍රිකාගේ නව කාර්යාලයත් පොහොට්ටු කාර්යාලය ළඟටම : දාන දිනයත් තීන්දුයි

වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාලනය පරාජය කිරීමට මුල් වූ පොදු ජන එක්සත් පෙරමුණ යළි සක්‍රීය කිරීමට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තීරණය කොට ඇති බව මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක්.

එම පෙරමුණේ ලකුණ පුටුව ලකුණයි.

සමාරම්භක ලේකම්

එහි සමාරම්භක ලේකම්වරයා හිටපු අගමැතිවරයෙකු වූ අභාවප්‍රාප්ත දි.මු.ජයරත්න මහතායි.

හිටපු ජනපතිනිය සමඟ සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද ඒ සඳහා මුල් වී කටයුතු කරන බවයි දැනගන්නට තිබෙන්නේ.

සිය නව දේශපාලන ගමන එළඹෙන මාර්තු මස 5 වැනි දින නව කාර්යාලයක් විවෘත කරමින් ආරම්භ කිරීමට මේ දෙපළ තීන්දු කොට ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කාර්යාලයේ විශේෂත්වය

මේ නව කාර්යාලය පිළිබඳ විශේශත්වයක් තිබෙනවා.

ඒ එම කාර්යාලයත් බත්තරමුල්ලේ ස්ථාපිත කිරීමයි.

පොදු ජන පෙරමුණ කාර්යාලයේ තිබෙන්නෙත් බත්තරමුල්ල ප්‍රදේශයේ.

ඒ අනුව පොදු ජන එක්සත් පෙරමුණ සහ පොදු ජන පෙරමුණ යන කාර්යාල දෙකම එකිනෙකට ඉතා නුදුරු ස්ථාන දෙකක හෙට ක්‍රියාත්මක වනු ඇත.

ජනපති වරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම් ජයන්ත් , ප්‍රියදර්ශන යාපා , චන්දිම වීරක්කොඩි යන පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද හිටපු ජනපතිනිය සමඟ ඉතා නුදුරේම කටයුතු කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 January 2022 11:04