April 27, 2024

ශ්‍රීලනිපයේ තුනක් වෙනම මතයක: චන්ද්‍රිකා යළි ගේන්නත් යෝජනාවක් Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

ඒ ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව.

ප්‍රබලයන් තිදෙනා

ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීමට මේ අවස්ථාව නොවන බව පක්ෂයේ ප්‍රබලයන් තිදෙනකුගේ මතය වී තිබෙනවා.

ඒ කැබිනට් ඇමති ධූරයක් දරණ නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය ඇමති ධූර දරන ශ්‍රී.ල.නි.පයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන්.

ඔවුන් තිදෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට විරෝධය පෑම පමණක් නොව පක්ෂය තුළ බරපතළ අර්බුදයක් ඇති කරන යෝජනාවක්ද ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

අර්බුදකාරී යෝජනාවක්

ඒ පක්ෂය අතහැර ගිය අයට යළි පක්ෂයට එන ලෙස ආරාධනා කිරිමේ යෝජනාවයි.

එම යෝජනාවට අනුව හිටපු පක්ෂ සභාපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද පක්ෂයට යළි ආරාධනා කළ යුතු බවයි එම තිදෙනාගේ මතය වී තිබෙන්නේ.

හිටපු ජනපතිනිය පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේම විවේචනය කරන්නියක්.

පිටස්තර කුමන්ත්‍රණය

මෙය ශ්‍රී.ල.නි.පයෙන් පිට මෙහෙයවන දේශපාලන ප්‍රබලයෙකුගේ අදහසක් හා කුමන්ත්‍රණයක් බවටයි සැක කෙරෙන්නේ.

ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඇමති ධූර අත හැර වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි යන මතයේ පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙර ඇමතිකම් වලින් ඉවත් නොවිය යුතුයි යන ස්ථාවරයේ සිටී මහින්ද අමරවීර ඇමතිවරයා සිය ස්ථාවරය වෙනස් කර තිබෙන බවත් වාර්තා වනවා.

ඔහු ඕනෑම වේලාවක ඇමති ධූරය අතහැර ආණ්ඩුවෙන් ඉවත් ඉවත්වීමට සූදානම් බවයි පක්ෂ නායකත්වය අමතා සඳහන් කර තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 10:59