April 28, 2024

"දැන් වටිනාම මිනිසා අපේ සිරිසේන" - දයාසිරි හේතුවත් සමගම කියයි

December 07, 2021

පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය හිටපු ජනපතිවරයාව වටකරගත්තා.

ඒ ජනපතිවරයාගෙන් වොයිස් කට් එකක් ගැනීමටයි.

වොයිස් කට් ගැනීමට හේතුව

ශ්‍රී.ල.නි.ප සභාපතිවරයාද වන සිරිසේන මහතාගෙන් මෙසේ අදහස් ගැනීමට හේතුව පක්ෂ මහ ලේකම් ජයසේකර මහතා හෙළි කළා.

"වටිනා මිනිසා කවුද කියලා මාධ්‍යයටත් දැන් තේරිලා. ඒකනේ වට කරගත්තේ"

පක්ෂ මහලේකම්වරයා හෙළි කළ හේතුව ඒකයි.

වාද වලට මුල් වීම

හිටපු ජනපතිවරයා මාධ්‍ය අමතා කරන ප්‍රකාශ මේ දිනවල ජනප්‍රියයි.

විශේෂයෙන්ම හිටපු ජනපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ වාද විවාද වලට පවා භාජනය වුණා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 07 December 2021 09:41