May 02, 2024

චන්ද්‍රිකාගෙන් කල් පවත්නා විසඳුමක්! (VIDEO)

මහජන නියෝජිතයන් පත් කර ගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ගැන වඩා සැලකිලිමත් විය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

හිටපු ජනාධිපතිනිය මේ බව පැවසූයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යාපන මධයස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

නමුත් මෙරට පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශිය සභාවකට ඉදිරිපත් වීමටවත් සාමාන්‍ය පෙල සමත්ද යන්න සුදුසුකම් පරීක්ෂා නොකරන බවත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරය සා/පෙල අසමත් බවත් ඇය පෙන්වා දුන්නාය.

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් සුළු ජනවර්ගයට සේම සාමාන්‍ය ජනතාවටත් මෙතෙක් නොලැබුණ අයිතිවාසිකම් වෙතොත් ඒවා ලැබිය යුතු බවත් හිටපු ජනපතිනිය සඳහන් කළාය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 10:03