May 02, 2024

ආණ්ඩුවේ බෙදීම නවතන්න චන්ද්‍රිකා මැදිහත්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 12 වැනිදා කළ ප්‍රකාශයෙන් පසුව ආණ්ඩුව තුළ බෙදීමක් ඇතිවීම වැලැක්වීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැදිහත්වී සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපතිනිය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැති මලික් සමරවික්‍රම මහතා සමග පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එහෙත් එම සාකච්ඡාවේ සාකච්ඡා කළ කරුණු පිළිබඳ මාධ්‍ය වෙත වාර්තා වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 October 2016 13:12