May 02, 2024

මහින්ද පිලේ පාද යාත්‍රාව ගැන ශ්‍රීලනිපයේ මතය එළියට (VIDEO)

පක්ෂය විවේචනය කරන සාමාජිකයන් සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව පැහැදිලි තීරණයක් ගෙන ඇතත් පක්ෂය ශක්තිමත් කිරීම සදහා තවදුරටත් වෙහෙ‍සෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ පසුගියදා කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. 

පාද යාත්‍රාවකින් ශ්‍රීලනිප පිරිසක් ලබන සතියේ කොළඹ ඒමට සූදානම් වීම ගැන එහිදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසූවේ මෙය ශ්‍රීලනිපයේ වැඩක් නොවන බවත් තනියමත්, වාර්තා තබන්නත් පාගමන් යන බවත් මේ සඳහා ශ්‍රීලනිපයේ නිල වශයෙන් සම්බන්ධවීමක් නොමැති බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ පදනම් ආයතනයේදී පෙරේදා(19) රාත්‍රියේ ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

පසුගිය සමයේ ආසන සංවිධාකවරුන් රැස්වීම් 3කට කැඳවූ බවත් ආරාධනා කළ අය ගැනත් නොකල අය ගැනත් කියා මෙය බෙදීමට අවශ්‍ය නැති බවත් ඔහු සඳහන් කළේය.

ඊට ආසන සංවිධායකවරු 130 දෙනෙකුට ආරාධනා කර තිබූ අතර අසනීප තත්ත්වයන් හේතුවෙන් සංවිධායකවරු තිදෙනෙකු පමණක් රැස්වීමට නොපැමිණි බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය ද මෙම හමුවට එක්ව සිටියාය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)