May 02, 2024

මහින්ද - චන්ද්‍රිකා දුන් සියලු සංවිධායක පත්වීම් අවලංගුයි: මෛත්‍රීගෙන් නව පත්වීම් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක පත්වීම් සියල්ලම අවලංගු කොට අලුතින් පත්වීම් ලිපි නිකුත් කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු නව ලිපි නිකුත් කිරීමට තීරණය කර තිබේ.

මෙම පත්වීම් ලබාදීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත්ව හා පක්ෂපාතීව කටයුතු නොකරන සංවිධායකවරුන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා(19) කොළඹදී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී එම තීන්දුව ගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කරමින් සිටින ඇතැම් මැති ඇමතිවරුන්ට ආසන සංවිධායක ලිපි නිකුත් කර ඇත්තේ ඒ ඒ වකවානුවල සිටි පක්ෂ සභාපතිවරුන්ගේ අත්සනින් බව අනාවරණ වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ලබාදී තිබෙන ආසන සංවිධායක පත්වීම් සියල්ල බල රහිත කර ඒ වෙනුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නව පත්වීම් ලිපි නිකුත් කිරීමට පසුගියදා පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී තීරණය කර ඇත.

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා ද පැමිණ තිබේ.

Rate this item
(3 votes)
Last modified on Friday, 22 July 2016 08:04

Related items