April 29, 2024

පුද්ගලයෙකු ප්‍රසිද්ධියේම ප්‍රංශ ජනපතිගේ කණට ගසයි (VIDEO)

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගිනිකොදිග ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අවස්ථාවේ දී නොසිතු සිදුවීමකට මුහුණ දී තිබුණා.

ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ජනතාවට ආචාරය කිරීම සඳහා පැමිණෙන අවස්ථාවේ රැස්ව සිටි පිරිස අතර සිටි පුද්ගලයෙකු මෙලෙස ජනාධිපතිවරයාට පහර දී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පහර දෙන අවස්ථාවේ එම පුද්ගලයා විසින් "ඩවුන් විත් මැක්‍රොන්-ඉස්ම් (මැක්‍රෝන්වාදය යටපත් වේවා)” යනුවෙන් කෑගසා පවසා තිබුණා.

පොලිසීය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් පසුව ජනාධිපතිවරයා විසින් නැවත ජනතාව අතරට පැමිණ අදහස් හුවමාරු කරගත්තා.

පහර දුන් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් මාධ්‍ය වෙත හෙළිකර නැහැ. එමෙන්ම ඔහු පහර දුන් හේතුව පිළිබඳවද මෙතෙක් ආරක්ෂක අංශයන් වෙත අනාවරණය කරගැනිමට නොහැකි වී තිබෙනවා.

ප්‍රංශයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙම සිදුවීම හෙළා දැක තිබෙන බවත් ජනාධිපතිවරයාට සිය කණගාටුවත් ප්‍රකාශ කර ඇති බවත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම පහර දෙන අවස්ථාව අසළ සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ මෙලෙස සටහන් ව තිබුණා.

Rate this item
(0 votes)