April 29, 2024

චීන එන්නතට ජාත්‍යන්තර තහනමක්! නවතම තීරණය මෙන්න

චීනයේ නිෂ්පාදිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අවසර ලැබුණු සයිනෝෆාම් එන්නතට ජාත්‍යන්තර තහනමක් පනවා තිබෙනවා.

මෙම තහනම පනවා ඇත්තේ ප්‍රංශය විසිනි.

ඒ අනුව ප්‍රංශය තුළ 2021 ජූලි මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන නව නීතියක් යටතේ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රංශයට ඇතුළු වීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

ප්‍රංශය චීන එන්නත තහනමකට ලක් කළ පළමු රට බවටද පත් වෙන බවයි සඳහන් වන්නේ. එරට බලධාරීන් විසින් දැනුම් දී තිබෙන්නේ මොඩර්නා, ඇස්ට්‍රසෙනෙකා, ෆයිසර්, කොවිශිල්ඩ් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් පමණක් ගත අය සඳහා පමණක් ප්‍රංශයට ඇතුළු වීමට ඉඩ ලබාදෙන බවයි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත දැනට ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය සඳහා යොදාගනු ලබන්නේ නැහැ.

ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සිය වෙබ් අඩවිය හරහා නිකුත් කරන ලද නිවේදනයක මෙය දැක්වෙනවා.

මෙහිදී ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන සති 02කින්ද, මොඩර්නා එන්නතේ ද  දෙවැනි මාත්‍රාව ලබාගෙන සති 02කින්ද,  ඇස්ට්‍රසෙනෙකා හෝ කොවිශිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන සති 02කින්ද පසුව ප්‍රංශය තුළට ඇතුළු වීමට අවසර ලබාදෙන බවයි වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ.

Rate this item
(10 votes)
Last modified on Wednesday, 11 August 2021 01:58